විදුහල්පති පණිවිඩය
A.G.A.P. විජේසිංහ මයා
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත‍්‍රික්කයේ උකුවෙල ප‍්‍රාදේශිය ලේකමධ්‍යම පළාතේ මාතලේ දිස්ත‍්‍රික්කයේ උකුවෙල ප‍්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ පිහිටා ඇති මා/ලෑලිඅඹේ මහා විද්‍යාලය දිවයිනේ කීර්තිමත් නාමයක් හිම් කරගත් පාසලකි. වර්ෂ 1927 ආරම්භව 2027 දී අභිමානවත් ලෙෂ 100 වන සංවත්සරය සැමරීමට මෙම විදුහල මාතලේ ප‍්‍රදේශය තුළ පෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි.
අක්කර 5 1/2 පමණ භූම් භාගයකින් යුතු අප පාසල දර්ශනීය ක‍්‍රීඩා පිටියකින් ද සමන්විත වන අතර පවතින භෞතික සම්පත් සිසු දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට කාර්යක්ෂමව භාවිතයට යොදා ගනියි.
පාසල් වර්ගීකරණයට අනුව 1C පාසලක් වන මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන මෙම පාසල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අ.පො.ස. උසස් පෙල කලා හා වාණිජ අංශ සහිත විද්‍යාලයකි.
වත්මන ශිෂ්‍ය සංඛ්‍යාව 250වන අතර 25 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයකින් සමන්විතය.
අතීතයේදී පර්ෂද මූලස්ථානයක් වශයෙන් කටයුතු කොට ඇති අප පාසල තුළින් දිවයිනේ කීර්තිමත් ආදි ශිෂ්‍යයින් දායාද කොට ඇත.
වර්තමානයේ අධ්‍යාපනික අංශයෙන් මෙන්ම විෂය සමගාම් කටයුතුවලින් ද දක්ෂතා පෙන්වමින්් පවතින අප පාසල මාතලේ දිස්ත‍්‍රික්කය තුළ පළමු වරට කාන්තා ලෙදර් ක‍්‍රිකටි කණ්ඩායම බිහි කොට එතුළින් කැපි පෙනෙන දක්ෂතා පෙන්වා ෙමි වන විට 19න් පහළ ජාතික කණ්ඩායම ද නියෝජනය කරයි.
නව නිපැයුම් අංශයෙන්ද ජයග‍්‍රහණ ලබා ඇති අප පාසල සෞන්දර්යය අංශයෙන් නර්තනය, සංගීත, චිත‍්‍ර සමස්ත ලංකා ජයග‍්‍රහණ ලබා ඇත. නව තාක්ෂණයෙන් පරිපූර්ණව හෙට දින දිනන පුරවැසියන් ලෙස අප දරුවන් අභියෝගවලට ඔරොත්තු දීමේ නිසි නිපුණතාවයන්ගෙන් පිරිපුන යහගුණ නැණෙන් සපිිරි සමබඑ පෞරුෂත්වයකින් යුකත්ව රටට දැයට දායාද කිරීමට අප පාසල ක‍්‍රියාත්මක කිරීම අප සැමගේ කාර්යභාරයයි.
A.G.A.P. විජේසිංහ මයා
විදුහල්පති
මා/ලෑලිඅඹේ මහා විද්‍යාලය.





